Sunday, August 16, 2026

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ

හෙන්දිරික්ක මල් පිපිච්ච, පාට වැටුණු තරු දිලිච්ච
සඳ රැස් පිරි ගුරු පාර දිගේ
ගවුම පුරා මල් හැලිච්ච, හිනා හඬින් මුව පිරිච්ච
සුදු නංගිගෙ හිනාවයි අගේ

රෑ හීනෙන් මට පෙනිච්ච, මගෙ ම ව‍ගේ මට දැනිච්ච
විදුලි කොටන නෙත් යුවළ ඇගේ
ඇඹුල බෙදන කොට පෙනිච්ච, රන් තැඹිලිය සේ පිරිච්ච
හංස යුවළ හරි දඟයි වගේ

තනි යහනේ දුක දැනිච්ච, සුසුම් හැඟුම් ගුලි ගැහිච්ච
කාලය දැන් නිම වෙලා වගේ
අහස පුරා සඳ පිරිච්ච, පැතුම් පොකුරු මල් පිපිච්ච
ඔබෙන් බහක් ලැබෙයි නම් අගේ

© Anuruddha Weligamage, 2026

No comments:

Post a Comment

​ජීවිත කාලෙට හිමි කරගන්නට - රසිකා ඉඹුල්ගොඩ

ජීවිත කාලෙට හිමි කරගන්නට, වරම ලැබුණු වේලේ සිතේ උඩඟුකම හින්දා මා පිළිකුල් කර දැමු දේ කලකට පස්සේ, සිතට ඇතුල් වී සි...