ජීවිත කාලෙට හිමි කරගන්නට, වරම ලැබුණු වේලේ
සිතේ උඩඟුකම හින්දා මා පිළිකුල් කර දැමු දේකලකට පස්සේ, සිතට ඇතුල් වී
සිත රිදවනවා, හදවත පාරනවා
පැන දුවන මුවන් දැකලා
නෙළූ පලා බිම නොදා රකින්නයි
මාත් අසා තිබුණා
ඒ උපදෙස මඟහැරුණා
මගෙ අතට ආ කුරුල්ලා
පියාඹනා දහසකටත් වැඩියෙන්
හොඳයි අසා තිබුණා
ඒ බව මතකෙන් මැකුණා
අත්තෙන් අත්තට පනිනා
කිරිල්ලියක වුව තෙමී නසින බව
උපදෙස් මට ලැබුණා
මා සවන් අගුල් වැටුණා
© Rasika Imbulgoda, 2025
No comments:
Post a Comment